“තීන්දුව 18 අනුව නම් මෛත්‍රිගේ කාලය වසර 6යි චන්ද්‍රිකාටත් මහින්දටත් පුළුවන්” – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය ජනාධිපති ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසමින් කළ ඉල්ලීමට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව යමින් තීන්දුවක් ලබා දුනහොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් වන බවත් එවිට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද නැවත ජනාධිපතිවරණය සඳහා තරග කළ හැකි බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ‘රිවිර’ට පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 19 වැනි ව්‍යවස්ථාවට අනුව ලබා දුනහොත් තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් වන බවයි. එසේ වුවහොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා වන අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි.

සුජිත් කෝනාර

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*