වසරේ විශිෂ්ටතම නව්‍යකරණ සන්නාමය ‘සිවිලිම දිනා ගනියි

16වැනි SLIM Brand Excellence – 2017 සම්මාන උලෙළේදී ‘වසරේ විශිෂ්ටතම නව්‍යකරණ සන්නාමය’ සඳහා ‘සිවිලිම’ වෙළෙඳ සන්නාමය සමග මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සන්නාම පහක් නිර්දේශ වූ අතර එහිදී අන් සියලූ සන්නාම අභිබවා ‘වසරේ විශිෂ්ටතම නව්‍යකරණ (Best Innovative Brand of the Year& ලෙසින් අයිඩියා සමූහ ව්‍යාරපාරයේ (Idea Group Limited& ‘සිවිලිම’ වෙළෙඳ සන්නාමය රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

2013 වසරේදී මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දී වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ ඉහළ වටිනාකමකින් යුත් වෙළෙඳ සන්නාමයක් බවට අද වන විට ‘සිවිලිම’ පත්ව හමාරය. ‘සිවිලිම’ යටතේ අලෙවි කරන නිෂ්පාදනවල කාර්මික සැලසුම් සඳහා පේටන්ට් බලපත්‍ර 42ක් හිමිව තිබීම තවත් එක් විශේෂත්වයකි. ආදේශක නිෂ්පාදන මෙරටට හඳුන්වාදීම මගින් විශාල වශයෙන් විනාශ වන වන සම්පත රැකගැනීමට ‘සිවිලිම’ දරණ වෙහෙස අතිමහත්ය. තවද ඉහළ ගුණාත්මකබවකින් යුතු පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වදීමටද පියවරගෙන ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*