වීරවංශට අනුව ආණ්ඩුව ඉවරයි. ශ්‍රි.ල.නි.ප. ය විපක්ෂයට. සම්මුතිය ඉවරයි

ඇමති ධුරයන් අතහැර විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 12 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී තීරණාත්මක සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.

නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය හා ඊට බලපෑ හේතු ගැන මෙම හමුවේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන මෙම පිරිස පැහැදිලි තීන්දුවක සිටිනා බවත් විපක්‍ෂයට ගියද ශ‍්‍රීළනිපයෙන් ඉවත් නොවන බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

උපුටා ගැනීම http://lankacnews.com

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*