ආණ්ඩුව ජගත් ජයසූරිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහින්ද සමරසිංහ

ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් කුමන චෝදනා නැගුවද ආණ්ඩුව ජගත් ජයසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටින බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

යුද්ධය පැවති සමයේ ජගත් ජයසුරිය මහතා වන්නි ආඥාපති වශයෙන් සිටියදී ඔහුගේ රාජකාරී කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට සිටි නේවාසික ප්‍රධානියාගේ පැසසුම් පවා ලැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැන් ජගත් ජයසූරිය මහතාට එල්ල කරන චෝදනා යුද්ධය පැවති සමයේ එල්ල නොවූ බව මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

කිසිම අවස්ථාවකදී රණවිරුවන් පාවාදීමට ආණ්ඩුව සුදානම් නැති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ සිවිල් ජනතාව ඉලක්ක කරගෙන ත්‍රස්තවාදය මැඩලීමට හමුදාවන් කටයුතු නොකළ බවයි.

සරත් ෆොන්සේකා මහතා එල්ල කරන චෝදනා පිළිබඳ තමන් නොදන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*