රාජපක්ෂගේ කාලයේ උද්ඝෝෂණ කෙරුවා නම්, ඉන්න තැන් හොයන්නත් බැහැ. වෙච්ච දේකුත් නැහැ. මිනිස්සුත් නැහැ – ජනපති

කුරුණෑගල කුඹල්අංග විද්‍යාලයට පැමිණ ඔබ සියලූ දෙනා හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුුටු වෙනවා. මේ සෑම කෙනෙක්ම එකට එකතුවී මැති ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මේ ප‍්‍රදේශය සංවර්ධනය කරන්න, දියුණු කරන්න ඔබ සෑම කෙනෙක්ම කරන කැපකිරීම මා ඉතාමත් අගය කරනවා. කුරුණෑගල දිස්ත‍්‍රික්කය මට ආගන්තුක ප‍්‍රදේශයක් නොවේ. ඉබ්බාගමුව වැව ලඟින් එනවිටත් ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ලඟින් එනවිටත් මා මිත‍්‍ර ඇමතිතුමාට කිව්වේ මම ඉබ්බාගමුව වැව ප‍්‍රතිසංස්කරණය කිරීමට ආවේ 1994, 1995 කාලයේ වාරී මාර්ග ඇමතිවරයා ලෙස කටයුතු කරන විට. ජනාධිපති ධූරයට පත්වූ වර්ෂයේදීම 2015 අවසාන කාලයේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයටත් මම ආවා. මේ ප‍්‍රදේශය පිළිබඳව දීර්ඝ කාලීනව අවබෝධයක් මට තිබෙනවා.

කමල් ඉන්දික මහත්මයාත් ෆාහිම් මහත්මයාත් මට සංදේශ දෙකක් භාරදුන්නා. ඒ වගේම මෙතන සිටින තවත් මහත්වරු කිහිප දෙනෙක් මට තවත් ලිපි කිහිපක් දුන්නා. ඒ සෑම ලිපියකම පාසල් වල අඩුපාඩු සකස් කරන්න, පාරවල් හදන්න, වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම වැනි පොදු මහජන සේවාවන් රාශියක් තිබෙනවා. කමල් ඉන්දික මහත්මයා කිව්වේ, කළුගඟ මොරගහකන්ද ජලාශයේ ජලය වයඹට එනවිට හක්වටුනා ඔය හරහා ජලය මේ ප‍්‍රදේශයට ලබා දෙන්න කියා. හක්වටුනා ඔයට මම ආවේ 1994 දී. හක්වටුනා ඔයේ වතුර බින්දුවක්වත් නැති දවසක මම ඇවිත් වැව මැද්දේ රවුමක් ගියා. මේ ප‍්‍රදේශයේ තිබෙන වාරි, කෘෂි පරිසරය සහ මෙහි තිබෙන සංවර්ධන කටයුතුවල කළ යුතු දේවල් සහ කෙරිය යුතු දේවල් පිළිබඳව අවබෝධයක් මට තිබෙනවා.

අපි රජයක් විදියට සැමවිටම උත්සාහ කරන්නේ මේ ප‍්‍රදේශයට අවශ්‍ය සංවර්ධනයට රජයෙන් දිය යුතු දායකත්වය ලබාදීමයි. හොඳ දක්ෂ ඇමතිවරු පිරිසක් මේ දිස්ත‍්‍රික්කයේ සිටිනවා. දේශපාලන පක්ෂ භේදයකින් තොරව අපේ නව ආණ්ඩු සංකල්පය මත සම්මුතිවාදී ආණ්ඩුවක් විදියට එමෙන්ම පළාත් සභාව මහ ඇමතිතුමා ඇතුළු ඇමති මණ්ඩලයත් පාර්ලිමේන්තු මැති ඇමති මණ්ඩලයත් අපේ රාජ්‍ය නිලධාරීන් සමග ඉතා කැපවීමෙන් කටයුතු කරනවා.

ලංකාවේ අද 2/3 ක ප‍්‍රදේශයක විශාල නියඟයක් තිබෙනවා. ජලය නැහැ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙත් තත්ත්වය එයයි. මම සති දෙකකට පෙර ගල්ගමුවට ගියා. ගල්ගමුව ප‍්‍රදේශයේත් වියළි කාලගුණික තත්ත්වයක් තිබෙන්නේ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ ගණනාවක කන්න තුනක් කුඹුරු වැඩ කරලා නැහැ. සමහර ප‍්‍රදේශවල කන්න දෙකක් වැඩ කරලා නැහැ. රට වශයෙන් ගත්විට ලංකාවේ 2/3 ක ප‍්‍රදේශයක අවුරුද්දක් තිස්සේ නියඟයක් පවතිනවා. මේ නිසා දැඩි දුෂ්කරතා තිබෙනවා. කාලගුණික තත්ත්වයන් මෙන්ම ආර්ථික අසීරුතා තිබෙනවා. මාස කිහිපයකට පෙර රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත‍්‍රික්කවල ඇති වූ ගංවතුර තත්ත්වය පිළිබඳව ඔබ සියලූ දෙනා දන්නවා. මෙයින් සියලූ වගාවන් විනාශ වුණා. ආහාර නිෂ්පාදනය විනාශ වුණා. මේ වසරේ වී නිෂ්පාදනය 50% කින් පහළ ගොස් තිබෙනවා කාලගුණික තත්ත්වයේ තිබෙන අයහපත් බලපෑම නිසා. සමහර අය කියනවා ලංකාවට විතරයි මේ ව්‍යසනය කියා. මේක ආණ්ඩුවේ වැරැුද්දක් කියා. එහෙම දෙයක් නැහැ. මේ කලාපයේ තිබෙන රටවල්වල තත්ත්වය මෙයයි. ඉන්දියාවේ තත්ත්වය ඉතාමත් බරපතළයි. කෝටි ගානකට බීමට වතුර නැතිව සිටිනවා. ඒ වගේම පකිස්ථානය වැනි රටක් ගත්විට එක් පැත්තක ගංවතුර අනෙක් පැත්තේ නියඟය. මම සති දෙකකට පෙර බංග්ලාදේශයට ගියා. බංග්ලාදේශය ගංවතුර නිසා විනාශවී තිබෙනවා. මේ කලාපය තුළ රටවල් ගණනාවක් මේ තත්ත්වයට මුහුණදී තිබෙනවා. නමුත් අපි විශ්වාස කරන ආකාරයට මේ අවුරුද්දේ අවසානයේ එන මෝසම් වැසි සමග අපිට යහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවේවි. ඒ අනුව මේ තිබෙන ආර්ථික අමාරුකම් අවම කරගෙන යහපත් ජීවන තත්ත්වයක් ඇති කරන්න අපි රජය විදියට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වී ලබන මාසයට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. ඒ අවුරුදු දෙකක් සපිරෙන අවස්ථාව නිමිති කරගෙන රජය විසින් ජනතාවට දෙන විශේෂ සුබ සාධන සහ සහන රාශියක් පිළිබඳව වැඩපිළිවෙළක් අපි ප‍්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. කොතරම් ආර්ථික අසීරුතා තිබුණත් රජය විදියට ජනතාවගේ අසීරුතා ජීවන වියදම, බඩු මිල, වියළි කාලගුණය මේ තත්ත්වයන් තුළ ජනතාවට ඇතිවන පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. මම සැප විඳලා හැදිච්ච කෙනෙක් නෙවෙයි. බොහෝම දුෂ්කර ජීවිතයක් ගතකොට ඉදිරියට ආ කෙනෙක්. ඒ නිසා වියළි කාලගුණය ඇතුළු මේ සියල්ල මට හුරුපුරුදුයි. අපි රජයක් විදියට සැමවිටම කටයුතු කරන්නේ ජනතාවගේ තිබෙන ආර්ථික අමාරුකම් වගේම පාරිසරික තත්ත්වයන් සඳහා ස්වභාවධර්මයා සමග සටන් කරමින් එහෙත් රජය විදියට ජනතාවට අවශ්‍ය සුබ සාධන කටයුතු ශක්තිමත් කිරීමයි.

මේ දිස්ත‍්‍රික්කයේ තිබෙන සංවර්ධන කටයුතු මේ ස්ථානයේදී ෆාහිම්, කමල් ඉන්දික මැති ඇමතිවරු මා වෙත ලබා දුන් ලිපිවල තිබෙන සඳහන් කරුණු පිළිබඳව දිස්ත‍්‍රික්කයේ අනෙකුත් මැති ඇමතිවරු සමග සාකච්ඡුා කරලා ඒ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මෙවැනි පසුබිමක අපි රජයක් විදියට කටයුතු කරගෙන යනවිට නොයෙකුත් බාධාවන් ඇති වෙනවා. අනුර යාපා ඇමතිතුමා කෙටියෙන් වුවත් හරවත් කතාවක් කළා තිබෙන තත්ත්වය සහ ආණ්ඩුවේ වැඩ කටයුතු පිළිබඳව.

අද මේ රටේ ජනතාවට දැඩි පීඩාකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා, තෙල් සංස්ථාවේ සේවකයින්ගේ වැඩ වර්ජනය නිසා. තෙල් සංස්ථාවේ සේකවයින්ගේ වැඩ වර්ජනය කුමක් සඳහාද? ඒ වැඩ වර්ජනය මෙහෙයවන නායකයින් මාධ්‍ය තුළ කතා කරන දේවල් මම අහගෙන සිටියා. මට කනගාටු හිතුනා ඔවුන්ගේ අනවබෝධය නිසා මෙවැනි වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරලා ජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇතිකර තිබීම පිළිබඳව. වැඩ වර්ජනය තුළ රෝහල් කටයුතු අඩාල වෙනවා. මේ වැඩ වර්ජනය තුළ ගිලන් රථ සේවාවලට යාමට නොහැකි නිසා රෝගීන් අසරණ වෙනවා. සමහර විට මිය යනවා. සෞඛ්‍ය සේවාවට බරපතළ තත්ත්වයක් ඇති වෙනවා. දරුවන්ට පාසල් යන්න බැහැ. ගෙදර දොරට අවශ්‍ය බඩු ටික ගෙදරට ගේන්න වාහනයක් නැහැ. ඈත පළාත් වලින් ආහාර සහ අනෙකුත් බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම තුළ ඇතිවන බාධාවන් නිසා ආහාර හිඟයන් පවා ඇතිවෙනවා. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මම ඊයේ හවස තීරණය කළේ, තෙල් බෙදාහැරීමේ කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරන්නත් තෙල් බෙදාහැරීමේ කටයුතු සඳහා ත‍්‍රිවිධ හමුදාව යොදවන්නත්. ත‍්‍රිවිධ හමුදාව එම කටයුතුවල නියැලීි සිටිනවා තෙල් බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන්. එම වැඩ වර්ජනයට සම්බන්ධවී සිටින සේවකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා, ඕනෑම කෙනෙකුට පුළුවන් සාකච්ඡුා කරලා ඕන ප‍්‍රශ්නයක් විසඳා ගන්න. ඒ නිසා ඒ අය සේවයට වාර්තා කරන්න. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බලතල අනුව අපි අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නිවේදනය කරලා ඉවරයි. අත්‍යාවශ්‍ය සේවාවක් විදියට ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසුව ඉන් එහාට පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ජනතාවගේ යහපත සඳහා තිබෙන නීති රීති යටතේ ආණ්ඩුවක් විදියට ගත හැකි ගත යුතු ක‍්‍රියාමාර්ග ගැනීමට අපි රජයක් විදියට කිසිසේත්ම පසුබට නොවන බව ඉතා පැහැදිලිව කියන්නට ඕන.

රටේ සුළු පිරිසක් විසින් අති බහුතර ජනතාවකට පීඩාකාරී තත්ත්වයන් ඇති කිරීමට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. වෛද්‍යවරු වැඩ වර්ජනය කරනවා. වෛද්‍යවරුන් වැඩවර්ජනය කිරීම අද ක‍්‍රීඩාවක් වෙලා. සෙල්ලමක් වෙලා. මිනිසුන්ගේ ජීවිත පිළිබඳව කිසිදු වටිනාකමක් නැහැ. ඒ වගේම තෙල් සංස්ථාවේ සේවකයින් මෙවැනි වැඩ වර්ජනයකට යන්නේ නැතුව, ඒගොල්ලන්ට තිබුණා ඒගොල්ලන්ට තිබෙන ඉල්ලීම් ඉදිරිපත් කිරීමට මාව හමුවෙන්න. ඒ අයට විශේෂයෙන්ම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගමක් සමග ඇති කර ගැනීමට යෝජිත ගිවිසුම පිළිබඳව ඉතා වැරදි අවබෝධයක් තිබෙන්නේ. හම්බන්තොට වරාය ඒ කටයුතු පිළිබ`දව චීන සමාගමක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම මට ඉදිරිපත් කළවිට මමත් එයට විරුද්ධ වුණා. එයයි සත්‍යය. මම කිව්වා ඒ තිබෙන කොන්දේසි අනුව මම කැමැති නැහැ කියා. පසුගිය මාස ගණනාවක් මාස හතක්, අටක් ඇමති මණ්ඩලය අදාළ නිලධාරීන් චීනයේ ආයෝජන සමාගම්වල සෑම කෙනෙක් සමගම සාකච්ඡා කරලා මුලින් ආ යෝජනාව අපි සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒ වෙනස්වීම තුළ අපි රජයක් විදියට බොහෝම පැහැදිලි තීන්දු තීරණ ගෙන තිබෙනවා. මේ රටේ භූමියේ බිම් අඟලක්වත් ලෝකයේ කිසිම රටකට කිසිම සමාගමකට අපි අයිතියකින් දෙන්නේ නැහැ. ඔප්පුවකින් දෙන්නෙත් නැහැ. සින්නක්කර දෙන්නෙත් නැහැ බිම් අඟලක්වත්. මම එය බොහෝම පැහැදිලිව කියන්නට ඕන. මේ භූමිය පිළිබඳව ඔබේත් මගේත් රට පිළිබඳව ඔය කෑගහන අයට වැඩිය අපි තුළ ආදරයක් තිබෙනවා.

මට පෙර සිටි ජනාධිපතිවරයා කොළඹ පෝට් සිටි එක හදන්න අක්කර දෙසීයක් සින්නක්කර දීලා තිබුණේ. සින්නක්කර දී තිබුණ එක වෙනස් කරලා බදු ක‍්‍රමයකට හැදුවේ මමයි අපේ ආණ්ඩුවයි. එයයි ඇත්ත තත්ත්වය. කලින් තිබුණු ගිවිසුමේ විදියට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සමගම තිබෙන ආරක්ෂක අමාත්‍යාංශය තිබෙන භූමියෙන් මම හෙලිකොප්ටර් එක නැග්ගුවොත් එහෙම ඒ හෙලිකොප්ටර් එක උඩින් යාමටත් චීනයෙන් අවසර ගන්න ඕන. එහෙමයි රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් ඒ කාලේ ගිවිසුම හදලා තිබුණේ. අපි ඒක වෙනස් කෙරුවා. අපි කිව්වා මේ විදියට දෙන්න පුළුවන්කමක් නැහැ. වෙනස් විය යුතුයි කියා. අපි අලූත් ආණ්ඩුවක් විදියට එවැනි තීන්දු ගත්තා. කොළඹ ගෝල්ෆේස් එකත් එක්ක තිබෙන ෂැංග‍්‍රිල්ලා අලූතෙන් හදන හෝටලය හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා සින්නක්කර ඔප්පුවකින් දීලා තිබෙනවා. මේ රටේ ඉතිහාසයේ කිසිම නායකයෙක් මේ රටේ ඉතිහාසයේ කිසිම පාලකයෙක් මේ විදියට ලෝකයේ තවත් රටකට මේ භූමිය මේ විදියට දීලා නැහැ මීට කලින් කවදාවක්වත්. ඔප්පුවකින් ඉඩමක් දෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ අයට අයිතිවීමයි. ඔප්පුවකින් ෂැංග‍්‍රිල්ලා එක දෙන කොට පෝට් සිටි එක අක්කර දෙසීයක් සින්නක්කර දෙන කොට ඒ කාලෙය් දේශපේ‍්‍රමීන් කවුරුත් කෑගැහුවේ නැහැ. ඒ කාලේ දේශපේ්‍්‍රමීන් ඇඳවල් යට තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි ඒ දේශපේ‍්‍රමීන්ට එළියට එන්න පුළුවන්කම ලැබුණේ, මම ජනාධිපති වෙලා මේ රටේ ජනතාවට දුන්න නිදහස සහ ප‍්‍රජාත්න්ත‍්‍රවාදය සමගයි කියා මම බොහෝම පැහැදිලිව කියනවා. ඒ කාලේ උද්ඝෝෂණ කෙරුවා නම්, ඔය විදියට නෙවෙයි ඒගොල්ලන්ට පිළිතුරු ලැබෙන්නේ. ඉන්න තැන් හොයන්නත් බැහැ. වෙච්ච දේකුත් නැහැ. මිනිස්සුත් නැහැ. ඒ නිසා කවුරුත් පාරට බැස්සේ නැහැ. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. මාධ්‍යවේදින් ඝාතනය වුණා. මාධ්‍යවේදින් රට හැර දා ගියා. මේ රටේ මොනතරම් ඝාතන සිද්ධ වුණාද. මෙවැනි දේවල් පිළිබඳව සමහර අයට අමතක වෙලා තිබෙනවා. අපි ඒ තත්ත්වය වෙනස් කළා. අපි අලූත් රටක් හැදුවා. ප‍්‍රශ්න තියෙනවා තමයි.

මේ රට අපි අලූත් ආණ්ඩුවක් විදියට භාර ගන්නා විට අපිට අලූත් ආණ්ඩුවක් විදියට කරගහන්න කුණු ගණනාවක් තිබුණා. මීතොටමුල්ල කුණු කන්ද විතරක් නෙවෙයි. මීතොටමුල්ල කුණු කන්දත් අවුරුදු විසිගානක කුණු කන්දක් තමයි මේ ආණ්ඩුවේ ඇඟට කඩා වැටුණේ. මේ රටේ ආර්ථික කුණු කන්ද මේ රටේ අද විදේශ ණය වලින් 82% ක් අපේ ආණ්ඩුවට කලින් ගත්ත ණය තිබෙන්නේ. ඒවා ගෙවීමට අපිට විශාල කැපකිරීමක් කිරීමට සිදුවෙලා තිබෙනවා. කලින් ආණ්ඩුවේ තිබුණු පාලන ක‍්‍රමය තුළයි මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳව ජාත්‍යන්තර කුණු කන්දකුත් මේ රටට තිබුණේ. ඒ ජාත්‍යන්තර කුණු කන්ද මානව හිමිකම් වලට මුහුණ දෙන්න බැරිව ඒ වගේම ආර්ථික අර්බුද කුණු කන්දට මුහුණ දෙන්න බැරිව ඒ තත්ත්වයන් තුළ අවුරුදු දෙකක් බලයේ ඉන්න තිබුණු අය ඡුන්දයකට ගියේ. මැතිවරණයකට ගියේ. අපි ආණ්ඩුවක් විදියට ඒ ප‍්‍රශ්න වලට මුහුණ දී තිබෙනවා. නමුත් අද කතා කරන දේශපේ‍්‍රමියෝ, වීරයෝ අපේ රට සින්නක්කර ඔප්පු වලින් පිටරටට දෙන කොට ඒ කිසිකෙනෙක් කතා කෙරුවේ, කෑගැහුවේ නැහැ. සටන් කළේත් නැහැ. වැඩ වර්ජනය කළේත් නැහැ. ඒගොල්ලෝ කුමනාකාරයේ උද්ඝෝෂණය කළත් ඒ සෑම කෙනෙකුටම මේ රටේ තිබෙන ප‍්‍රජතන්ත‍්‍රවාදී අයිතිය සහ නිදහස තුළයි අපි කියන්නේ මේ උද්ඝෝසණ වැඩ වර්ජන නවත්වලා බොහෝම පැහැදිලි සාමකාමී ලෙස මේ ප‍්‍රශ්න විසඳගන්න ආණ්ඩුවත් සමග සාකච්ඡා කරන්න පුළුවන් කියා. ඒ සේවකයින් සියලූ දෙනාට මම ආරාධනා කරනවා රස්සාවල් නැති කරගන්නේ නැතුව සේවයට වාර්තා කරන්න කියා. හමුදාව විසින් භාරගෙන තිබෙන කටයුතු වලට සහයෝගය දක්වන්න. මේ රටේ අසරණ, දුප්පත් මිනිස්සු ගැන සිතන්න. මිනිස්සුන්ගේ බඩගින්න ගැන හිතන්න.

මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්න. මිනිස්සු ජීවත්වන අමාරුකම් ගැන සිතන්න. මේ රටේ පොඩි මිනිස්සු ජීවත් වන පීඩාකාරී තත්ත්වයන් වර්ජන වලින් වැඩි කරන්න එපා. මේ වර්ජන කරන්නේ කවුද? වර්ජන කරන්නේ සාමාන්‍ය දුප්පත් පන්තියේ පවුල් වල දරුවෝ. තරුණයෝ. ඒ අය හිතන්න ඕන තමන්ගේ තත්ත්වය. තමන්ගේ දෙමව්පියන්ගේ, සහෝදරයන්ගේ තත්ත්වය. මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් අපි සිතිය යුතුයි ඔවුන් වෙනුවෙන් කුමනාකාරයෙන්ද අපි කැපකිරීම් කළ යුත්තේ කියා.
අපිට කුමන අභියෝග ආවත් අපි රජයක් විදියට කටයුතු කරගෙන යනවා. සමහර අය හිතාගෙන ඉන්නවා මේ ආණ්ඩුව හෙට අනිද්දා පෙරළෙයි කියලා. මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන්කමක් නැහැ. එහෙම පෙරළෙන්නෙත් නැහැ. මේක පාර අයිනේ තියෙන ගහක් කපලා වට්ටන්න පුළුවන් වගේ ආණ්ඩුවක් නෙවෙයි. මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. මේ රටේ නීතියක් තිබෙනවා. ඒ අනුවයි ආණ්ඩුව කරගෙන යන්නේ. සමහර අයට උවමනාවක් තිබෙනවා බොහෝම ඉක්මණට බලයට එන්න. රටේ ජනතාව බලයෙන් පහකරපු අයට ගෙදර යවපු අයට උවමනා කරලා තිබෙනවා බලයට එන්න. ඒ නිසා නොයෙකුත් කුමන්ත‍්‍රණ තිබෙනවා. ඒ සැම දෙයක් පිළිබඳවම අපිට අවබෝධයක් තිබෙනවා. දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් සමග සියලූ දේට මුහුණදීමේ හැකියාවක් අපිට තිබෙනවා. අපි ඒවාට කලබල වෙන්නේ නැහැ. මේ සෑම ප‍්‍රශ්නයකදීම අපි හිතන්නේ රටේ පොදු ජනතාව වෙනුවෙන් අප රජයක් විදියට කළ යුතු කාර්යයන්. මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය ද සෞඛ්‍යය ද යටිතල පහසුකම් ද සංවර්ධනය සඳහා රජයක් විදියට අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරනවා.

සියලූ දෙනාටම ස්තූතිවන්ත වෙනවා මේ කටයුතු සාර්ථකව සිදුකිරීම සම්බන්ධයෙන්. අපි සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් මිත‍්‍රශීලිභාවයෙන් මේ රට ඉදිරියට ගෙනයන්නට සෑම කෙනෙක්ම එකට එකතුවී රට දියුණු කරගෙන ඔබේ දියුණුවත් ඇති කරගෙන හෙට උපදින දරුවන්ට හොඳ රටක් හදන්න, අද ජීවත්වන දරුවන්ට හෙට දවස වෙනුවෙන් හොඳ සමාජයක් හදන්න අපි කැපවෙමු කියමින් ඔබ සෑම කෙනෙක්ටම මගේ ස්තූතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*