සබඳ, ඔබ නැත්නම් මම අද කොහිඳ?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  25 පැවති කැබිනට් රැස්වීමට කේක් එකක් රැගෙන පැමිණියා.

එකවර එම දර්ශනය දැකීමෙන් අමාත්‍යවරුන් පුදුම වී ඇති බවයි වාර්තා වුණේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සුබ පැතීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම කේක් එක රැගෙන පැමිණ තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40ක් සම්පූර්ණ වීම ඊට හේතුවයි.

එහි දී ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් සාමාජිකයින් කේක් රස බලමින් අග‍්‍රාමාත්‍යවරයා සමග සතුට බෙදා ගෙන තිබෙනවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*