මෙරට අධිකරණය දූෂිත නෑ – ඇමති විජයදාස රාජපක්ෂ

එක්සත් ජාතීන්ගේ නියෝජිත මොනිකා පින්ටෝගේ වාර්තාවේ සඳහන් වන ආකාරයට, ශ්‍රී ලංකාවේ අධිකරණ දූෂිත බව පැවසීම අසත්‍යයක් බව, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

එම වාර්තාව ඇය විසින් සකසන ලද්දක් නොව, මෙරට ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන විසින් පිළියෙළ කරන ලද්දක් බවයි, රාජපක්ෂ මහතා පවසන්නේ.

 

මැදවච්චිය, නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.  නව ගොඩනැගිල්ල සඳහා වැය කෙරෙන මුදල රුපියල් 112ක්.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න, අධිකරණ අමාත්‍යාශයේ අතිරේක ලේකම් දිසා විනිසුරු රශ්මි සිංගප්පුලි යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*