පතිරාජට අසාධ්‍යයි. ආණ්ඩුවෙන් අවසානයේ උපහාරයක්

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අසනීප තත්ත්වයෙන් පසු වී අසාධ්‍යව සිටින බව වාර්තා වෙයි.

මේ බව සැල වූ ඉකුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇමති ධූරය මාරු වූ අමාත්‍යවරයකු, පතිරාජට අසාධ්‍ය බවත් මේ නිසා ඔහු වෙනුවෙන් කුමක් හෝ කර ලකුණු ටිකක් දා ගත යුතු බව ආණ්ඩුවේ ඉහළ බලවතෙකුට පවසා තිබේ.

“ඔව්..ඔව්.. අනිත් තැනටත් කියලා වැඩේ ලෑස්ති කරන්න. මමත් එන්නම්” පවසා තිබේ. ඒ අනුව අනිත් බලවතාද මේ පිරිස මුණ්ගැසී තිබේ. ඔහුද, ඔව් මේ කරන ඕන වැඩක් මේ 26 ට දා ගන්න මම එන්නම් කියා තිබේ.

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ සම්බන්ධයෙන් අපට වෙනම කියවීමක් ඇත. මේ කුණු, මජර දේශපාලනය සහ පාලනය තුළින් ඔහුට උපහාර ලබන්නට අවැසි අයකු නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.

වෙනත් රටක නම් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු, සාහිත්‍යවේදියෙකු මේ තත්ත්වයට පත් වූයේ නම් ඔවුන් කටයුතු කරන්නේ මෙයට හාත් පසින්ම වෙනස්වය. ඒ ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳව සලකා බලාය. ඒ ගැන මෙතැනදී ලියවිය යුතු නැත.

ප්‍රින්ස් මළේය. කීයක් හරි අතේ තබා ඇමතිවරු පත්තරවල ෆොටෝ දාගත්තේය. ප්‍රින්ස්ගේ සහෝදරිය රෝහලේ බිල ගෙවා ගන්න බැරි බව මාධ්‍යට කියමින් ලතැවෙයි.

මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කලාකරුවන් රැසක් වෙසෙස් මෙහෙයක් කළ බව ජනපති, අගමැති දන්නා බව අපි හිතමු. එහෙව් රටක ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකුට අද සලකන තරම හාස්‍යජනක නොවේද?

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*