සහල් හිඟයක් ඇති වෙන්න බෑ – ජනපති

වෙළෙඳපොළ තුළ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇති විය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

සහල් තොග පවත්වාගෙන යාම සහ ඉදිරි සහල් අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් පවතින බවට ලැබුණු තොරතුරු අනුව ජනාධිපතිතුමා මෙම හමුව කැඳවා තිබූ අතර ගබඩාවල පවතින සහල් තොග පිළිබඳව ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය. අවශ්‍ය පරිදි සහල් ගබඩා පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා වෙළෙඳ අමත්‍යාංශය ඒ පිළිබඳ නිරන්තරයෙන් අධීක්ෂණය කළයුතු බවට ද උපදෙස් දුන්නේය.

එමෙන්ම පාලන මිලට වඩා ඉහළ මිලකට වෙළෙඳපොළ තුළ සහල් අළෙවි කිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාව මුහුණදී තිබෙන අසීරුතාවයන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළෙඳසල් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳව ද නිලධාරින්ගෙන් කරුණු විමසීය. එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවය පරිදි සහල් ආනයනය කිරීම සහ පෞද්ගලික අංශය ඒ සඳහා සූදානම් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*