පුලතිසි පොසොන් උදානය ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

පොළොන්නරුව ගල් විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “පුලතිසි පොසොන් උදානය” වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ඒ හා සමගාමීව සංවිධානයකර තිබෙන ධාතු ප‍්‍රදර්ශනය ද මහජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.නෙල්ලිගල රාජ මහා විහාරස්ථානයේ සිට මෙම සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවා තිබෙන අතර පසුගියදා ඇති වූ ආපදා තත්වයෙන් ජීවිත අහිමි වූ ජනතාවට පිං පමුණුවමින් සහ පීඩාවට පත් සියලූ දෙනාට සෙත් පතමින් මෙම සර්වඥ ධාතුන්වහන්සේ ප‍්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

චතුරිකා සිරිසේන, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පුලතිසිපුර ඒකාලෝක කරමින් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය වැඩසටහන තොරන්, පහන් කූඩු සහ දන්සැල් වලින් සමන්විත වන අතර අද සිට 10 වනදා දක්වා එය ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*