සියලු දෙනාටම වන්දි ගෙවන්න රජය ශක්තිමත් – රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

ජීවිත,දේපළ හානී වූ සියලු දෙනාටම වන්දි ගෙවීමේ ශක්තිය රජයට තිබෙන බවත් වන්දි ගෙවීමට රජය කටයුතු කරන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

රාජ්‍ය  අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමිනි

ස්වාභාවික විපත් කියන්නේ කාටවත් පාලනය් කරන්න බැරි විපත්. බලවත් රටවල පවා ස්වාභාවික විපත්වලින් ජනතාව මිය යනවා. අප රටක් හැටියට රජයක් හැටියට විපත් අවම කරලා, ජනතා පීඩනය අවම කිරීමට සියලු දෙනා එකතු වී වැඩ කළ යුතුයි. ගංවතුර හා නාය යෑම් ජනතාවට වරින් වර මුහුණ දීමට සිදු වුණා. මේ රට පාලනය කළ සියලු රජයන් ඒ සඳහා විසඳුම් ලබාදෙන්න අපෝසත් වී තිබෙනවා.

පැය 48ක් යනකම්වත් රජය ක්‍රියාත්ම නොවී දෙපළ විනාශ වුනා කියා චෝදනා කරනවා. විපත් වූ දා සිටම රාජ්‍ය යාන්ත්‍රනය, සිවිල් ජනතාව සමඟ එකතු වෙලා විශාල පියවරක් ගෙන තිබෙනවා.ත්‍රිවිධ හමුදාවට ,රාජ්‍ය යාන්ත්‍රණයට, අනෙකුත් සිවිල් සංවිධානවලට ස්තූතිවන්ත වෙනවා, විශාල පීඩනයක් අඩු කිරීමට කටයුතු කිරීම ගැන. ජීවිත හානී වූ දේපළ හානී වූ සියලු දෙනාටම වන්දි ගෙවීමේ ශක්තිය රජයට තිබෙනවා.වන්දි ගෙවීමට රජය කටයුතු කරනවා.  ජනතාව දැනුවත් කරන්න ඕන, විවිධ රක්ෂණ ක්‍රමවලින්  රක්ෂණය කළ හොත් නැවත නැගිට සිටීමේ ශක්තිය ලැබෙනවා.පුත්තලම් දිස්ත්‍රික්කයේ නියං තත්ත්වයක් තිබෙනවා. ඒ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. ජනතාවගේ එදිනෙදා ජිවනෝපාය අහිමි වී තිබෙනවා. ණය ගෙවා ගන්න බැරුව පීඩනයක් ඇති වී තිබෙනවා. රුපියල් බිලියන 2ක් වෙන් කරලා ණය සහනය ලබාදෙන්න අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*