නාමල් රජ වෙන බව සුමනදාස කියයි

ඒකාබද්දෙ ඉන්න තරුණ මල් මන්තිරිතුමා ළඟදි දවසක් පරණ යාළුවකුට දුරකතන ඇමතුමක් දුන්නලු… මේ පරණ යාළුව උන්නැහේලගෙ පාලන කාලෙ හිටපු රාජකීය දෛවඥ තැන කියලත් ආරංචියි…

ඒ කාලෙ මල් මන්තිරිතුමාගෙ ජ්‍යොතිෂ කටයුතුවලටත් උපදෙස් දුන්න දෛවඥතුමා පහුගිය ඡන්දෙන් පස්සෙ මැදමුලන පැත්තෙ නොගිය නිසා මේ ඇමතුම ටිකක් විශේෂ එකක්. පහුගිය කාලෙ හිටපු ලොකු තැන එක්ක ඒ හැටි ඇයි හොඳයියක් නොතිබුණත් මල් මන්තිරිතුමාගෙ දේශපාලන අනාගතේ ගැන මේ දෛවඥ තැන කියූ එක්තරා වැදගත් අනාවැකියක් කොයිම වෙලාවකවත් වෙනස් කළේ නැතිලු…

කොහොමින් කොහොමහරි මේ දෙන්න දුරකතනෙන් සෑහෙන වෙලා කතා කරල පහුගිය කාලෙ සිද්ධවුණ සිත් රිදීම් ගැන කරුණු කාරණා පැහැදිලි කරගත්තය කියලත් දැනගන්න තියනවා…

එදත් මේ දෛවඥ තැන මල් මන්තිරිතුමාට අනාගතේ ලබනවය කියන විශේෂ ග්‍රහයෝගයක් ගැනත් ඒකෙන් පස්සෙ වෙන දේ ගැනත් ප්‍රබල අනාවැකියක් කීව කියල තතු දත් අය කියනවා… හැබැයි මේ යෝගය ලබන්නෙ තවත් අවුරුදු සෑහෙන ගණනකින් කියලත් දෛවඥ තැන පැහැදිලි කළාලු…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*