වෝනර් ගේ තැන ඇලෙක්ස්ට

තරග තහනමට ලක්වු ඩේවිඩ් වෝනර් වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හෙල්ස් කැදවා තිබෙනවා. දකුණු අප්‍රිකාව සමග පසුගිය දා පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ වරදට වෝනර්ට වසරක තරග තහනම් කිරීමටයි ක්‍රිකට් බලධාරින් පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඩේවිඩ් වෝනර්ට අයි.පී. එල් තරගාවලිය ද තහනම් කිරිමට එහි බලධාරින් කටයුතු කර තිබෙනවා.
හයිද්‍රාබාද් කණ්ඩායමේ වෝනර්ගේ පුරප්පාඩුව සදහා කැදවු ඇලෙක්ස් හෙල්ස් ඒ සදහා ඇමරිකානු ඩොලර් 154,000ක් අයකර තිබෙනවා
20යි 20 ශ්‍රේණිගත කිරීම්වල පලමු දසදෙනා අතර පසුවන එකම එංගලන්ත ක්‍රිඩකයා ඇලෙක්ස් හෙල්ස් බවයි ක්‍රිකට් වාර්තා සදහන් කරන්නේ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*