
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ අනාගත සහකාරිය ඇමරිකන් ටෙලි නාට්‍ය නිලි මේගන් මාකෙල් සිය මංගල උත්සවය සදහා අවශ්‍ය මල් තේරීම සිදුකර තිබෙනවා. මංගල උත්සවයේ මල් යොදා කෙරෙන හැඩවැඩ සියල්ල බාරදීම සිදු කර ඇත්තේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ මල් විකුණන්නියක වන පිලිප්පා කැඩ්රොක් වන අතර තමන් කැමැති මල් වර්ග මොනවාදැයි හැරී සහ මේගන් යුවල පිලිප්පා සමඟ සාකච්ඡා කළ බව ද විදෙස් මාධ්‍ය වාරතා සදහන් කළා. මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිත මංගල උත්සවය වෙනුවෙන් යුවලගේ කැමැත්තට අනුව තමන් ශාන්ත ජෝර්ජ් දෙව්මැදුර සහ ශාන්ත ජෝර්ජ් ශාලාව මල්වලින් හැඩ ගන්වන බව පිලිප්සා පවසනවා.
පසුගිය දිනක ඔවුන් සිය රාජකීය විවාහ මංගල උත්සවය සදහා මංගල කේක් ගෙඩිය මංගල කේක් ගෙඩිය ද තේරු බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ.
Leave a Reply