වයස්ගතම ගෝරිල්ලෙකු දිවියෙන් සමුගනී

ඇමරිකාවේ සැන් – ඩියේගෝ සත්ව උද්‍යානයේ රදවා සිටි ලොව වයස්ගතම ගෝරිල්ලන් අතර සිටින එක් ගෝරිල්ලකු මියගොස් තිබෙනවා. ‘විලා’ නමින් හදුන්වන  මෙම ගෝරිල්ලා මිය යන විට හැට වෙනි වියේ පසු විය. 1957 වසරේ කොංගෝවේ දී උපත ලබා ඇති විලා පරම්පරා පහක ඥාතීන් දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වනවා.

සාමාන්‍යයෙන් සත්වෝද්‍යානයක රදවා සිටින ගෝරිල්ලකුගේ ආයු කාලය වයස අවුරුදු 30 – 45ත් අතර බවයි වාර්තා වන්නේ. මීට ආසන්න වයස්වල පසුවන ගෝරිල්ලන් ඉතා සුළු ප්‍රමාණයක්  දැනට ජීවත්ව සිටිනඅතර විලා සත්වෝද්‍යානයේ සමාජිකයන්ගේ මෙන්ම නරඹන්නන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොමද ආදරය දිනා සිටි බව එහි නිලධාරින් පැවසුවා.

පසුගිය වසරේදී මියගිය 61 හැවිරිදි ට්‍රෑඩ් එලෙස වැඩිම කළක් මිනිස් රැදවුම් යටතේ ජීවත් වු ගෝරිල්ලා වන අතර ඔහු ජීවත්ව සිටියේ ඇමරිකාවේ ආකන්සෝ ප්‍රාන්තයේ ලිටිල් රොක් සත්වෝද්‍යානයේයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*