දෙවන ලෝක යුධ සමයේ බෝම්බයක් ලන්ඩන් සිටි ගුවන්තොට වසයි

තේමිස් නදිය අසල තිබි බෝම්බයක් සොයා ගැනීම හේතුවෙන් ලන්ඩන් සිටි ගුවන්ගොටුපල හදිසියේ වසා දමා තිඛෙනවා. මෙම බෝම්බය දෙවන ලෝක යුධ සමයට අයත් බෝම්බයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ.

තේමිස් නදිය ගලා බසින්නේ අදාළ ගුවන්තොටුපල අසලින් වන අතර මේ සිදුවීම හේතුවෙන් ගුවන් මගීන් මහත් අසීරුතාවකට ලක්ව සිටිනවා. ලන්ඩන් මෙට්‍රෝ පොලිසිය, රාජකීය නාවික හමුදාව සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ එක්ව අදාල බෝම්බ නිෂ්ක්‍රිය කර තිබෙනවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*