ගාල්ල දිස්ත්‍රික් එ.ජා.ප විජයග්‍රාහී ජන රැළිය අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් අද දවල් 2ට ගාල්ල නගරයේ දී.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ විජයග්‍රාහී ජන රැළිය එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස 2ට ගාල්ල නගරයේ දී පැවැත්වෙයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය හා ගාලු දිස්ත්‍රික් එජාප සංවිධානයේ සභාපති වජිර අබේවර්ධන මහතා මෙම රැළිය සංවිධානය කරයි.

මෙම රැළියේ  කථිකයින්  ලෙස සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන්, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහත්වරු  ඇතුළු ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරු සහභාගි වෙති.

ගාලු නගරය ලෝකයේ ම දියුණු නගරයක් බවට පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් දැනටමත් කටයුතු ආරම්භ කර ඇති අතර මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් තනි බලයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදීම තුළ එම පරිවර්ථනීය වෙනස ඇති කිරීමට පියවර ගනු ඇත.

මෙම රැළිය අතර තුර දිවයිනේ ජනප්‍රිය වාද්‍ය කණ්ඩායමක් වන ලයින් වන් (Line one) ගේ සංගීතයට චිත්‍රාල් සෝමපාල, මරියසෙල් ගුණතිලක, සුසිල් ප්‍රනාන්දු, රුවන් හෙට්ටිආරච්චි සහ දසුන් මධුෂාන් ඇතුළු ජනප්‍රිය ගායික ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් සංගීත සංදර්ශනයක් පැවැත්වීමට ද නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*