කාබුල් නුවර යළිත් පිපිරීම් – 11ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි යුදහමුදා  පුහුණු ආරක්ෂක විද්‍යා පීඨයකට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙක් මියගොස් තිබෙනවා. එම ප්‍රහාරය හේතුවෙන් තවත් පුද්ගලයන් 16 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

මෙම ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය විසින් බාරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සෙනසුරාදා දිනයේ දී ද ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් සියයකට අධික පිරිසක් මියගියා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*