ක්‍රීඩකයෙකු නැතිනම් පුහුණුකරුවෙකු ලෙස ලෝක කුසලානයට – මාලිංග

ක්‍රීඩකයෙකු ලෙස තමා කණ්ඩායමට තවදුරටත් අවශ්‍ය නොවන්නේනම් කණ්ඩායමෙන් සමුගැනීමට කාලය එළඹ ඇති බව වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. 2019 ලෝක කුසලානයට ක්‍රීඩකයකු ලෙස නොවේනම් පුහුණුකරුවෙකු ලෙස හෝ එක්වීමට කැමැත්තෙන් පසුවන බව මාලිංග තවදුරවත් සදහන්කළා. ඊයේ දිනයේ නිමාවට පත් වු අයි පී එල් වෙන්දේසියේ දීත් මාලිංග මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

2019 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව මාලිංග මින් පෙර පවසා තිබුණත්,ආසන්න කාලයේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන 20යි විස්ස හෝ එක්දින තරග සදහා ඇතුලත් කර තිබුණේ නැහැ. “ක්‍රීඩකයෙක් ලෙස මගේ සේවය දිගු කාලීනව අවශ්‍ය නොවේනම් යන්න කාලය ඇවිල්ල. මම දන්නවා මගේ ජීවිතයේ තවත් ක්‍රිකට් තියෙනවා. මම උපදේශකයෙක් ලෙස ලෝක කුසලානයට එක්වීමට ලෑස්තියි. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි මගේ දැනුම අනෙක් අය එක්ක බෙදා ගැනීමට කැමති නිසා…’’යනුවෙන් ලසිත් මාලිංග අදහස් දක්වා තිබුණා.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*